Wednesday, October 16, 2019

නොරිකෝට ලියමි



නොරිකොට  පෙම් බැදි මසිත
යඵ සකුරා මලින් පිනවී
හිම මෙන් නිතැතින් පාරිශුද්ධ විය.

අහෝ නුඹ මනමේට පෙම් බැද
වනේ වැද්දාගෙන් ආරක්ෂාව
යැදි'යුරු,
මා නුබටද පෙම් කරමි
මනමේ උගතෙකි
සිප් දත්තෙකි
නුඹ ගැන නො දත්තෙකි.

මා වූවානම් මනමේ
නුඹ රැක ගනිමි
නො දොඩා වහසි බස්
කාගේ දොස දැ'යි දනිමි
ඔහුත් රජෙකි මනමේ ද රජෙකි
ප්‍රේමය නම් බැදීමේ දී අප
රජුන් නොව දාසයන් ය.
දිවි පරදුවට තබන.

දිනෙක නොරිකො ඔබම
මා පතමි.
දාසයෙකුගේ සේවිකාවක්ව
ප්‍රේමයෙන් රජෙකු කල "දෙවෙන්දොරාව"
නුඹ නම් ප්‍රේමාන්විතම වේ.

උදයන ....... සාගරිකා සේම
වාසවදත්තාට ද පෙම් කරන
නුබලා ගැන මා උදම් වන මුත්
මමද තාම තනිකඩයෙකි.

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...