Thursday, December 12, 2019
MUSIC
SOME SONGS CAN TOUCH OUR HEART,,,, SOME TIME SONG'S MEANING CONNECTED WITH REAL LIFE..SO TRY SEE THE WORLD WITH MUSIC AND ENJOY THE LIFE WITH MUSIC...
THERE ARE SOME SONGS IN HERE,,I AM SURE,ITS WILL BE TOUCH YOU ...
''SO FAR AWAY'' (Martin garrix with David guetta)
'' ON MY WAY'' (Alan Walker)
''Echo''
''FADED''
LIVE WITH MUSIC....& LOVE THE MUSIC
Wednesday, October 16, 2019
නොරිකෝට ලියමි
නොරිකොට පෙම් බැදි මසිත
යඵ සකුරා මලින් පිනවී
හිම මෙන් නිතැතින් පාරිශුද්ධ විය.
අහෝ නුඹ මනමේට පෙම් බැද
වනේ වැද්දාගෙන් ආරක්ෂාව
යැදි'යුරු,
මා නුබටද පෙම් කරමි
මනමේ උගතෙකි
සිප් දත්තෙකි
නුඹ ගැන නො දත්තෙකි.
මා වූවානම් මනමේ
නුඹ රැක ගනිමි
නො දොඩා වහසි බස්
කාගේ දොස දැ'යි දනිමි
ඔහුත් රජෙකි මනමේ ද රජෙකි
ප්‍රේමය නම් බැදීමේ දී අප
රජුන් නොව දාසයන් ය.
දිවි පරදුවට තබන.
දිනෙක නොරිකො ඔබම
මා පතමි.
දාසයෙකුගේ සේවිකාවක්ව
ප්‍රේමයෙන් රජෙකු කල "දෙවෙන්දොරාව"
නුඹ නම් ප්‍රේමාන්විතම වේ.
උදයන ....... සාගරිකා සේම
වාසවදත්තාට ද පෙම් කරන
නුබලා ගැන මා උදම් වන මුත්
මමද තාම තනිකඩයෙකි.
Thursday, July 11, 2019
නොනිද නිදන ප්‍රේමය
මා ස්පර්ශයෙන් ගුප්ත ඔබ නිදියන විට
මා ප්‍රිය බව කෙලෙස පවසම්ද ඔබට
සුළගට නැළවෙන නුඹේ ලස්සනට
චුට්ටක් ලං වෙන්නට ආසයි මට ඔතනට
බඹරුන් ආ විට රොන් සොයා නුබ ලගට
නුඹ සැතපෙනවද මා ආ සේම නුඹ ලගට
උන් යාවි ඉගිලී ලස්සන වෙන මලකට
නුඹ නිදි වග පවසාවි ඒ සැමට
වසන්තයට ඇහැරියන් මගේ මල විගහට
අවරට යන හිරු යලි දිනෙක එන විට
නුඹ නිදියාවී නටුවෙන් ගිලිහි වැටී බිමට
දිනෙක හෝ පැතුම ප්‍රේමයයි.
සැදැවේ දොරගුලු හැරලූ කුටියේ
මිතුරන් රැස් වී දොඩමළු වේ.
නිදි යහනේ මට වෙන් වූ හිඩැසේ
තිරපට අතරේ විදුලි එළි රටා දිවේ....//
කළුවර ඇවිදින් මා ඉදහිට තනිවී
හුදකලාවට පිවිසෙන සිත ඉකිබිදී
දහවල ඔබේ හමුව මනරම් යැයි සිතේ
හෙට දින හිරු යහනට විත් මා කැදවන දිනේ...//
අවසර නැති සිත අකුලා ගනු මිතුරියේ
මොහොතක් මා'නෙත ඔබ හදවතේ
විකසිත නෙළුමක් සේ දකිනු රිසි සේ
බැස යන්යනෙම් අවරට යන හිරු සේ......//
වසන්තය
උළුවහු වැසෙන තරමට
දොර ජනෙල පොඩිකරන්
වසා පැතිර වැටෙන මේ
"මහා හිම වර්ෂාව"
හැමදාමත් එකම ඉසව්වකට
වැඩියෙන් වැටෙනව
එත් කවද හරි දවසක
ඒ හිම උණුසුමින් ගිලා බසිනව,
"වසන්තය"
කටු ඉපල් මත
සුසිනිදු මෘදු මල් විකසිත කරවා
ලා රතු දළු උයන් වතු පුරවනවා
එත් එදාට ...
"මිනිස්සුන්ට ගානක්වත් නැ"
එත් ඒක එහෙම වෙන තරමට සුන්දරයි
හැමදාම එකම ඉසව්වකට
වැඩියෙන් වැටෙන හිම අඩුකරන්නට
දරන වෙහෙස වසන්තයේදී
සත්තමයි අපිත් අමතක කරනව
අහිතක් නැතුව පරිසරයම
සුද්ද කරන
හිම වරුසාවම
අවසන් කර උදා කරන
වසන්තය තමයි "අපේ යුගය"
ඕන් දැන් එළඹිලා...
නෑ පෙම් කරන්නේ
හිරු පැරදී රතින් දිළිහී
රතම විහිදුවාලූ නිලඹරේ
කළු වලාවකි ඔහු හඹා යන්නේ
හැකිද ඉවසනු මේ ගොම්මන් වේලේ
සඳ කැන් අහස් කුස පුරා
තරු පිරිවර පොකුරු රැසේ
ගලා ගලා විත් නෙතු මානේ
හිනැහේ නුඹ හිනැහේ
හිරුත් සොයා ගියා
සඳුත් සොයා ගියා
පෙම් හසුන් වී වළා
ඒ මේ අත දිව ගියා
සඳ සෟම්‍යයි ඒ නුඹ වගේ
කඳුළු හැඩයි ඒ නුඹ වගේ
හිරු සඳු නැ කිසිම දිනේ
අප වගෙයි නැ පෙම් කරන්නේ
Sunday, June 9, 2019
දිනෙක රැයක
ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා
සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා
ඔබ කොයි ගියෙ දෝ සිතිවිලි සැලෙනා
මහඳ අතීතයේ අඳුරේ සුසුම් කැලබෙනා
දේ: දැනේ සුවඳ පොද සිපගත් වසන්තයේ ..//
පි: මේ යෞවනයේ ගිලන් වු ප්‍රේමයයි
ඉඳු නිල්මිණි දෙනයන කදුලක ගිලී ගියේ
පෙර දිනේ ගිලී සිනා සයුරේ
ගෙවූ කාලය ඉදහිට රැය දවාලයි ප්‍රියේ
දේ: දැනේ සුවඳ පොද සිපගත් වසන්තයේ ..//
සොබා දහම
සොබාදහම
මම සොබාදහම අදහමි. මගේ ආගම සොබාදහම යි. "සොබා" යන්නෙන් ස්වාභාවිකත්වය හා යථාර්ථය මුසු වූ දහම යන අර්ථ දැක්විය හැකියි. දහම ජීවිතයක ආලෝකයයි. බ්‍රාහ්මණ ආගමේ දැක්වෙන බ්‍රහ්ම සහව්‍යතාවයට පත්වීම අදහස් කරන්නේ තමාත් විශ්වයත් එක් ශක්තියක් ලෙස දැකීමයි. මනස දියුණු මිනිසා පරිසරයට හිතකර දිවිපැවැත්මක් ගෙවු බව ආගමික මුලාශ්‍රයන් කියාපායි.බුද්ධියේ රජු තථාගතයෝ ද මිනිස් වාසයෙ ශ්‍රාවකයෝ දන් තොර හුදකලා මහ කඳු ශීකරයන්, ගංඟා හා වෘක්ෂයන් වර්ණනා කලේ ය. ඔබටත් මටත් පරිසරය සමග අනුගත වීමට හැකියි. වර්ෂාවකදී පොලව මත වැටෙන වැහි බිංදු ,මල් පෙති පුරා තවරාගත් පිනි බිදු ඒ සියල්ල සොබා සෞන්දර්ය කියා පායි. එම සෞන්දර්ය, ලස්සන, සිරියාව, සෞභාග්‍ය රැකගත නොහැකිනම් සිදුවන්නේ නපුරකි. දහම ඉක්මවාලීමට මිනිසාට නොහැකිය. එසේම පෘතුවිය අපේ නිවහනයි. ආකාශයේ තරු කෙතරම් තිබුනද තම නිවහනට සම නැත. ජීවිතය දකින්න තමා තුළින්ම. දැකීම දහමින් පෝෂණය කරගන්න .එවිට සුදුසුම දේ සොබාදහම විසින් මිනිසා බොහෝ කාලයකට සූදානම් කරනු ඇත .
මගේ හිරු
( සයිබේ ක්‍රීඩාංගණයේ රාත්‍රී චායාරූපයකි)
ගොම්මන් අඳුර සයිබෙට ඇදෙන විට
එෆ් ෆෝ සඳ එළියේ ගිලෙයි හිමිහිට
සරුංගලේ පොත ඇත යමි මා විගහට
එෆ් ෆෝ සඳ එළියේ ගිලෙයි හිමිහිට
සරුංගලේ පොත ඇත යමි මා විගහට
අකුරයි හෙට උදැහැන නැගෙන හිරු මට
Saturday, June 8, 2019
සැණකෙළිය
හිමිදිරි උදයග පිපි ධවල මලක්
හිනැහී ලහිරුට
සීත සළු පැලදී විට,
උණා දැමුවේය
රළු අඳුරු සළු.
රෑ මුළුල්ලේ කඩා වැටුණු
ජල ගඟක් මැද
සීතලේම.............
වෙර දරා රැකගත් ඒ මල,
හිනහුනා හිස ඔසවා
හිමිදිරි උදයග
දුක් කඳ පහව ගිය විට.
කාලයේ තිරපට
රත් වී ඇද හැලින.
ගසද නොදනී
"පාමුල මල"
මළ හිරු රැගෙන ගිය වග.
අහිමි සෙනෙහස
එගොඩ කදු මිටියාවත
"පා මුල"
දොළ පාර පසුකරන්
ඕවිට මැදින් යන විට
හමුවනා සුන්දර "කදුගිර"
සුවිසල්ය
එදා ලෙසම
නිස්කලංක ය.
ඉදහිට නිවාඩුවට
ගමට ගිය විට
නොදරුවන් සේ
තවමත් පය පැකිලෙනා
හිත කකියවනා
ඒ ඉසව්ව,
මහ ගිරි මුදුනක පාමුල
අප්පච්චි නිදියනවා
මා කුඩාකල සිටම.
සරසවි ගිය
මතකයන් මා නුබට
කියන්නට
පෙර දින
හඳ එළියේ තනියම ආවා මතකද?
" නුබ මා
වඩාගෙන
කටු කටු ඇනෙනා කිතිකැවෙනා
සුදුමුහුනට මා තද කර පපු මැදට ගෙන
අහසේ තරු ගැන්නා පෙර දිනෙක"
අද මා
මිතුරන් හා මත්ව
සොයනවා ගම ආ විගස
ඔබ......
"මතකයන් අතර මා තනිවම
සැමට හොරහින්ම "
ඇදී යනවා සොයා
මහා ගිරි ශිඛරයක
සැතපෙන සෙනෙහසට
නිදහසේ කතාකරන්නට
දිනෙක නැගිට
"අහිමි සෙනෙහස"
දෙගොඩතලා යන දොලපර
හමුවනා නිම්නයේදී,
ලොබ නැතුවම හිමිකර ගන්නට
මා සිටිමි
මග බලා .....
තරුවක් වී මග කියනවාද
නුබේ චුටි පුතුට ...
Subscribe to:
Posts (Atom)
දිනෙක රැයක
ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා ඔබ කොයි ගියෙ දෝ සිතිවිලි සැලෙනා මහඳ අතීතයේ අඳුර...
-
ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා ඔබ කොයි ගියෙ දෝ සිතිවිලි සැලෙනා මහඳ අතීතයේ අඳුර...
-
එගොඩ කදු මිටියාවත "පා මුල" දොළ පාර පසුකරන් ඕවිට මැදින් යන විට හමුවනා සුන්දර "කදුගිර" සුවිසල්ය එදා ලෙසම නිස්ක...
-
සොබාදහම මම සොබාදහම අදහමි. මගේ ආගම සොබාදහම යි. "සොබා" යන්නෙන් ස්වාභාවිකත්වය හා යථාර්ථය මුසු වූ දහම යන අර්ථ දැක්විය හැකියි. ද...





