Thursday, July 11, 2019

නෑ පෙම් කරන්නේ

හිරු පැරදී රතින් දිළිහී  
රතම විහිදුවාලූ නිලඹරේ
කළු වලාවකි ඔහු හඹා යන්නේ
හැකිද ඉවසනු මේ ගොම්මන් වේලේ

සඳ කැන් අහස් කුස පුරා    
තරු පිරිවර පොකුරු රැසේ
ගලා ගලා විත් නෙතු මානේ      
හිනැහේ නුඹ හිනැහේ

හිරුත් සොයා ගියා     
සඳුත් සොයා ගියා      
පෙම් හසුන් වී වළා     
ඒ මේ අත දිව ගියා      

සඳ සෟම්‍යයි ඒ නුඹ වගේ
කඳුළු හැඩයි ඒ නුඹ වගේ
හිරු සඳු නැ කිසිම දිනේ
අප වගෙයි නැ පෙම් කරන්නේ

1 comment:

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...