හිරු පැරදී රතින් දිළිහී
රතම විහිදුවාලූ නිලඹරේ
කළු වලාවකි ඔහු හඹා යන්නේ
හැකිද ඉවසනු මේ ගොම්මන් වේලේ
සඳ කැන් අහස් කුස පුරා
තරු පිරිවර පොකුරු රැසේ
ගලා ගලා විත් නෙතු මානේ
හිනැහේ නුඹ හිනැහේ
හිරුත් සොයා ගියා
සඳුත් සොයා ගියා
පෙම් හසුන් වී වළා
ඒ මේ අත දිව ගියා
සඳ සෟම්‍යයි ඒ නුඹ වගේ
කඳුළු හැඩයි ඒ නුඹ වගේ
හිරු සඳු නැ කිසිම දිනේ
අප වගෙයි නැ පෙම් කරන්නේ
lassanai
ReplyDelete