හිමිදිරි උදයග පිපි ධවල මලක්
හිනැහී ලහිරුට
සීත සළු පැලදී විට,
උණා දැමුවේය
රළු අඳුරු සළු.
රෑ මුළුල්ලේ කඩා වැටුණු
ජල ගඟක් මැද
සීතලේම.............
වෙර දරා රැකගත් ඒ මල,
හිනහුනා හිස ඔසවා
හිමිදිරි උදයග
දුක් කඳ පහව ගිය විට.
කාලයේ තිරපට
රත් වී ඇද හැලින.
ගසද නොදනී
"පාමුල මල"
මළ හිරු රැගෙන ගිය වග.

Blissful
ReplyDelete❤️ අදහස් ලස්සනයි
ReplyDelete