Saturday, June 8, 2019

සැණකෙළිය




හිමිදිරි උදයග පිපි ධවල මලක්
හිනැහී ලහිරුට
සීත සළු පැලදී විට,
උණා දැමුවේය
රළු අඳුරු සළු.

රෑ මුළුල්ලේ කඩා වැටුණු
ජල ගඟක් මැද
සීතලේම.............
වෙර දරා රැකගත් ඒ මල,
හිනහුනා හිස ඔසවා
හිමිදිරි උදයග
දුක් කඳ පහව ගිය විට.

කාලයේ තිරපට
රත් වී ඇද හැලින.

ගසද නොදනී
"පාමුල මල"
මළ හිරු රැගෙන ගිය වග.



2 comments:

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...