Thursday, July 11, 2019

නොනිද නිදන ප්‍රේමය

මා ස්පර්ශයෙන් ගුප්ත ඔබ නිදියන විට
මා  ප්‍රිය බව කෙලෙස පවසම්ද ඔබට
සුළගට නැළවෙන නුඹේ   ලස්සනට
චුට්ටක් ලං වෙන්නට ආසයි මට ඔතනට


බඹරුන් ආ විට රොන් සොයා නුබ ලගට
නුඹ සැතපෙනවද මා ආ සේම නුඹ ලගට
උන් යාවි ඉගිලී ලස්සන වෙන  මලකට
නුඹ නිදි වග පවසාවි ඒ      සැමට


වසන්තයට ඇහැරියන් මගේ මල  විගහට
අවරට යන හිරු යලි දිනෙක එන විට
නුඹ නිදියාවී නටුවෙන් ගිලිහි වැටී බිමට

5 comments:

දිනෙක රැයක

ගැ : දිනෙක රැයක සීතල කඩා හැලෙනා        සඳ කැන් වැසී වැසි ඉද හිට හැලෙනා        ඔබ කොයි ගියෙ දෝ  සිතිවිලි සැලෙනා        මහඳ අතීතයේ අඳුර...